2013/09/01

හොඳවයින් දෙකක් අහගන්න එන්න

එහෙමනම් අදත් අපි ප්‍රංශ භාෂාව තුල යොදා ගන්න පොඩි චවන කිහිපයක් ඉගෙන ගන්න බලමු . අළුත් වචන ගැන කතා කරන්න ඉස්සර වෙලා , පහුගිය ලිපි වලදි දැන ගත්ත වචන ටික ආයෙත් මතක් කර ගත්තොත් නේද හොඳ ? ....

මෙහෙම කරමු , මම කියන්නම් ඉංග්‍රීසි වචනය  , ඔයාල කියනවද ඒකේ french වචනය ..?

හරි ..එහෙම නම් පටන් ගනිමු ....



හරිම ලස්සනයි , දැන් ඔයාට ප්‍රංශ භාෂාවේ චවන ටිකක් මතකයිනේ ...ඔව් මේ ඉතින් පටන් ගැන්මනේ . අපි හිමින් හිමින් අළුත් වචන ඉගෙන ගනිමු . ටිකක් අමාරු වැඩේ උච්ඡාරණය කරන විදිය තමයිනේ ?....

එහෙමනම් අද අපි වචන දෙකක් තුනක් තියෙන පොඩි  වාක්‍යයක් දෙකක් කියන විදිය හුරු වෙමු , මේක ඉතින් අළුත් පළාතකට ඇතුළු වුනා වගේනේ , ඉස්සර වෙලා හිමින් හිමින් පටන් ගනිමු , ඊට පස්සේ පුළුවන් ටිකක් වැඩිදුරට යන්නට.

හරි එහෙමනම් අපි පටන් ගමු! ..

ඔන්න යාළුවෝ දෙන්නෙක් හමුවෙලා වෙන කතා බහක් මේක .

හලෝ ...
හායි ..
මොකක්ද ඔයාගේ නම ?
මගේ නම මිතිලි


මෙන්න අපි දෙන්නා ....අර චූටි කට හඬ මගේ නංගියාගේ
මේ වාක්‍ය වලට ගැලපෙන විදියට ඔයාලගේ නම් දාල ආයෙත් කියල බලන්න ..


එහෙම නම්  අද තව අළුත් වචන කිහිපයක් හඳුනගනිමු .




Ok -         D'accord        - ඩැක්කෝ (මේක කියවෙන්නේ මෙහෙමයි)
No -        Non                - නොඋන් 
Yes -       Oui                 - ව්වී 
Please -   s'il vous plaît  -ෂිල්වූ ප්ලේයි
Hello -    Bonjour          - බොන්ෂූ...

එහෙම නම් අපි ගිහින් එන්නම් , හෙටින් අපේ මාස දෙකක නිවාඩුවත් ඉවරයි , මම නම් අළුත් ඉස්කෝලෙකට යනවා , නංගි නම් හිටපු ඉස්කෝලේමයි , ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ඉඩ ලැබෙන වෙලාවට ආයෙත් හමුවෙමු . 

එහෙම නම් ගිහින් ඉන්නම් ...!