2012/02/18

පුංචි නංගියේ ඔයාගේ ඇසේ කඳුළු ...

පුංචි  නංගියේ        ඔයාගේ ඇසේ කඳුලු        මේ
තාත්තා එනකන්ද අනේ බලා               ඉඳින්නේ
තාත්තා නැති දුකට නේද     කඳුලු       උනන්නේ
ඔයාගේ දුක දැනිලා තමයි කවියත්           ලිව්වේ

තාත්ත නැති දුක කවදා නිමා               කරන්නේ 
ඒත් ඔයා වෙනුවෙන් අද ලොවම        හඬන්නේ 
පුංචි අපිට තෙරෙන්නැති දේවල්          වෙන්නේ
තාත්ත වෙනුවෙන් හෙට දින ලොව ජයගන්නේ

මම දිනිති අක්කා ....

10 comments:

  1. යොවුන් වියට එලඹෙන්න ඉන්න මේ වගේ දියණියකට පියා නැති අඩුව කෙසේ පුරවන්නද? වචන දහසකින් කියන්න බැරි දේ මේ දියණියගේ මූණෙන් පේන්න තියනවා . හරිම දුකයි .

    ReplyDelete
  2. මොකුත්ම කියන්න බැරි තරමටම දුකයි මේ දරුවො දෙන්න ගැන

    ReplyDelete
  3. ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් !

    ReplyDelete
  4. මේන් මගේ එක ....
    http://shashizone.blogspot.com/2012/02/blog-post_17.html

    ReplyDelete
  5. ගිම්හානි නැන්දයි මේ ඉසව්වට පාර කීවේ. හරිම අගෙයි දුවේ. කවි ලිවීමේදී හැකි තරම් එළිසමය රැකගන්න බලන්න. එවිට අලංකාර බව වැඩියි. මා මෙහිදී ඔබේ කවිය රසවත් බව පෙන්වන්නත් කැමතියි. එළිසමයෙන් තව රසවත් වේවි. සුභ පැතුම්...!!!

    ReplyDelete
  6. -Gimhani,
    අනේ ඔව් නැන්දේ ...හරිම දුකයි මේ නංගියි මල්ලියි දිහා දැක්කම ...

    -මාතලන්,
    ස්තුතියි මාමේ..

    -ඕනයා,
    ඔව් මාමේ ..හරිම දුකයි ..මේත් අපි වගේම නංගිකෙනෙක් නේ මේත් ...

    -මධුරංග,
    ඔවු මාමේ ..මේ නංගිගේ තාත්ත මැරිලලු ...වෙඩි වැදිල ..

    -ශෂී,
    අපි බලන්නම් ...ගොඩාක් ස්තුතියි ..

    -priyantha,
    ගොඩාක් ස්තුතියි මාමේ ..ගිම්හානි නැන්ද අපිත් එක්ක ගොඩාක් යාළුයි .. ඔව් මං හරි ආසයි කවි ලියන්න ...ප්‍රියන්ත මාම කිව්ව එළිසමය ගැන තාත්තත් කිව්ව ..ඊළඟ කවි ඒ විදියට ලියන්න ඕන ...ගොඩාක් ස්තුතියි ...

    ReplyDelete
  7. මේ නංගිගේ තාත්තාට මොකද වෙලා තියෙන්නේ?.

    ReplyDelete
  8. -නිශාන් ද සිල්වා
    ඔවු මාමේ ..මේ නංගිගේ තාත්ත මැරිලලු ...වෙඩි වැදිල ..

    ReplyDelete
  9. ලස්සනයි මගේ නංගියෝ.. ඔය වයසෙදිම ඔයාලට අනුන්ගේ දුක දැනෙන එක ‍ගොඩක් වටිනවා.

    ReplyDelete