2012/02/18

පුංචි නංගියේ ඔයාගේ ඇසේ කඳුළු ...

පුංචි  නංගියේ        ඔයාගේ ඇසේ කඳුලු        මේ
තාත්තා එනකන්ද අනේ බලා               ඉඳින්නේ
තාත්තා නැති දුකට නේද     කඳුලු       උනන්නේ
ඔයාගේ දුක දැනිලා තමයි කවියත්           ලිව්වේ

තාත්ත නැති දුක කවදා නිමා               කරන්නේ 
ඒත් ඔයා වෙනුවෙන් අද ලොවම        හඬන්නේ 
පුංචි අපිට තෙරෙන්නැති දේවල්          වෙන්නේ
තාත්ත වෙනුවෙන් හෙට දින ලොව ජයගන්නේ

මම දිනිති අක්කා ....

2012/02/05

අපේ ගෙරදට ආ ඩයිනෝසර් ...

අද නිවාඩු දවසනේ , අපි ඩයිනෝසර්ල ගැන බැලුවා , ඒයාල ගොඩාක් විශාලයි , අලියෝ පහක් විතර විශාල ඩයිනෝලත් ඉඳල තියෙනවා , කුරුල්ලො වගේ අයත් ...සමහර ඩයිනෝසරස්ල හරිම ලස්සනයි . එයාලගේ සද්දේ නම් හරිම බයංකාරයි අහන්න ..

ටික වෙලාවක් මේක බලලා ඉවර වුනාට පස්සේ අපේ ගෙදටත් ඩයිනෝසරස් කෙනෙක් ..නෑ නැ දෙන්නෙක්ම ආවනේ ....හී හී හී හී ..නෑ නෑ ආවේ නෑ මායි අක්කයි ක්ලේ වලින් හැදුවා ...ඊට පස්සේ අපි මේ ක්ලේ ඩයිනෝලා එක්ක වීඩියෝ එකකුත් හැදුවා ..මේ බලන්න අපේ විඩියෝ එක ...

ඔයාල Mashco Piro ගැන දන්නවාද ?

යාළුවනේ ඔයාල දන්නවාද Mashco piro කියන නමින් “මිනිස්සු කණ්ඩායමක්“ ඉන්න බව . එයාලගේ විශේෂත්වය තමයි තවම එයාල අපි වගේ මිනිස්සු එක්ක කතා බහ කරලා නැහැ . ඒකට එයාලා කැමතිත් නැහැලු , මේ tribe එකේ අය ඉන්නේ ඇමසන් වනාන්තරේ මැද හරියේ , ඒ හරියට වෙන කාටවත් ලේසියෙන් යන්න බැහැ කියලයි කියන්නේ ,

අපි අද එයාලා ඉන්න විදිය ගත්ත වීඩියෝවක් බැලුවා , සමහරු ඇඳුම් නැතිව දුනු ඊතල අරගෙන තමයි ඉන්නේ , ඇඟේ පාට ගාගෙනත් ඉන්නවා , කන්නේ කෙසෙල් , කොළ ජාති සහ සත්තුලු .

මෙන්න මේ විඩියෝවෙන් ඔයාලටත් මේ Mashco piro ගෝත්‍රය ගැන දැනගන්න පුළුවන් ...

2012/02/04

අපෙන් Dino කතාවක් ...

ඔන්න එකමත් එක කාලෙක  ඩයිනෝ යාළුවෝ දෙන්නෙක් හිටියා , Deno එයාගේ  ඇත්තම නම “Apatosaurus“ කියලා , එයා“ Herbivorous “ ඒ කියන්නේ ශාක භක්ශකයෙක්. Deno ගේ යාළුවා Buddy , එයාගේ නියම නම T-rex ...

දවසක් Deno ට රස කොළ වගයක් හම්බවුනා ..එයා බඩ පිරෙන්න කෑවා , හොඳට කෑම ..එයාට ඇහුනා යාළු Buddy ගේ හඬ ...Deno හොඳ කොළ දළු ටිකක් අරගෙන ගිහින් Buddy ට දුන්නා , එයා සුවඳ බලල , කටේ දාගත්තා ...

“ඔවැක් ...ඔවැක් ..“ මොකද වුනේ ..එයාට වමනේ යනවා ....මොකද දන්නවද ? Buddy කියන්නේ Carnivorous කෙනෙක් , මාංශභක්ෂකයෙක් ..


ඔන්න ඕකයි වුනේ .. මෙන්න බලන්න අපේ මුල්ම අනිමේෂන් එක ... බ්ලොග් එකේ බලන්න අමාරුනම් මෙන්න යූටියුබ් ලින්ක් එක ...http://youtu.be/U5wdbF3_k0U