2011/12/04

මගේ පළමු Science Presentation එක ...

මේ මගේ පන්තියේ ඔක්කොම යාළුවෝ
යාළුවනේ ඔන්න මම ආයෙත් සතියකට පස්සේ මේ ලිපියක් ලියනවා , මේ ලිපිය ලියන්නේ හරිම සතුටින් , මොකද තවම අපි කැනඩාවට ඇවිත් මාසයයිනේ , ඒත් මට පුළුවන් වුනා මගේ පන්තියේ යාළුවෝ , ටීචර්ස්ලා ඔක්කොම ඉස්සරහ ලස්සනට Science Presentation එකක් කරන්න. මගේ පන්තියේ ලංකාවේ යාළුවෝ කවුරුවත් නැහැ, ඉතින් ඒ නිසා ලංකාව ගැනත් , ඒ සත්තු , වනාන්තර , ලස්සන ගැනත් ටිකක් මම කිව්ව. එයාල කිසි කෙනෙක් ලංකාවට ඇවිත් නැහැ. ඉන්දියාවේ යාළුවෝනම් ලංකාව ගැන ටිකක් දැන ගෙන හිටියා.

මම කළේ මුවා ගැන වැඩසටහනක් ,මුවා food chain එකට සම්බන්ධ වෙන හැටි , මුව වර්ග , ලෝකේ පුරා පැතිරිලා ඉන්න විදිය , ඒයාලගේ තියෙන විශේෂ හැකියාවන් Adaptations , Habitat .  ඔය වගේ ගොඩක් දේවල් ගැන ඉදිරිපත් කළා. එයාලට හරිම පුදුමයි. අපේ ටීචර් Mrs. Slunwhite , Science Teacher Mrs.Thomas වගේම මගේ යාළුවෝ හැමෝමත් මට ගොඩාක් හොඳයි කිව්වා, අපේ ටීචර් කියනවා අපිට පුළුවන් වුනාට එයාලගේ භාෂාව ඉගෙන ගන්න , සිංහල කතා කරන්න ටීචර්ට  හිතාගන්නවත්  බැහැලු. ඉතින් ලංකාවේ අපි හොඳයි නේද ?

මේ මායි නංගියි හදපු Diorama එක
ඒ Presentation එක කරන්නට මම , නංගිත් එක්ක එකතු වෙලා හදපු Diorama එකත් ප්‍රයෝජනයට ගත්ත , ඒ ගැනත් යාළුවන්ට පුදුමයි. මොකද එයාල ඒකට ඕන කරන සත්තු ඔක්කොම කඩෙන් අරගෙන  මම නම් clay වලින් හැදුවා. මට නම් ඒක හරි ලස්සනයි.

ඉතින් යාළුවනේ මෙන්න මේ link එකට ගිහින් මගේ Presentation එක බලන්න පුළුවන් , හැබැයි ඒකනම් ටික වෙලාවකට කෙටි කරල තමයි හදල තියෙන්නේ , ඉස්කෝලෙදි නම් පැයක් විතර ගියා මේක කරන්නට




https://www.facebook.com/photo.php?v=330821283598263

10 comments:

  1. මගේ පුතේ මම දැඩිවම විශ්වාස කරන්වා..දවසක මගේ පුතාලා අපේ පුංචි ලංකාවේ නම රන් අකුරෙන් ලියයි..ඒක තමයි නැන්දගේ පැතුමත්...

    ඔයාගේ අම්මයි තාත්තටයි යමක් කියන්න ඕනා...දෙමව්පියන්ගේ වගකීම මනාව ඔබ දෙපළ හදුනගෙන තියෙනවා...තාමත් දෙම්මව්පියන්ගේ සෙවනේ හැදි වැඩෙන දරුවෙක් විදියට අම්මේ,තාත්තේ මන් ඔබ දෙපළට ගෞරව කරනවා..

    ReplyDelete
  2. ලොකු දූ ද පලවෙනි ප්‍රසන්ටේශන් එක කළේ ? ලස්සනයි දිනිති දූ.

    ReplyDelete
  3. කොච්චර ලස්සනට කරල තියනවද. හරිම සතු‍ටුයි අපේ දරු පැටව් ගැන.
    අපි දන්නව කොහේ ගියත් නම තියන බව. අළුත් තොරතුරු ඔක්කොම අපිටත් කියන්ට.

    ReplyDelete
  4. -නදී ,
    //කෝ ඔයාගෙ ප්රෙ සෙන්ටේශන් එකක් දාන්නකො බලන්න,අපිට//

    නැන්දේ මම type කරන ගමන් save වෙනුවට publish click කරලා , ඔක්කොම ලියන්න ඉස්සර වෙලයි post වෙලා තිබුණේ ..
    ගොඩාක් ස්තුතිවි නැන්දේ

    -අසනි ,
    ඔව් නැන්දේ , මේක කරල ඉවර වුනාම මටත් හරි ආඩම්බරයක් හිතුනා , වෙන රටකට ඇවිත් සිංහල මුකුත් නොදන්න අය ඉස්සරහ මේ වගේ දෙයක් ලස්සනට කළානේ කියලා ...දැන් නම් තව එකක් කරන්න ආසයි , ස්තුතියි නැන්දේ ..

    -මධුරංග,
    ඔව් මධුරංග මාමේ , මම තමයි presentation එක කළේ , Diorama එක ගෙදරදි හැදුවේ මමයි නංගියි දෙන්න එකතුවෙලා ...ස්තුතියි මාමේ

    -Gimhani,
    ඔව් ගිම්හානි නැන්දේ , මේ උගන්වන විදියට හරියට ආසා හිතෙනවා , හැමදාම ඉස්කෝලෙ යනවා හිම වැස්සත් , ස්තුතියි නැන්දේ ,

    ReplyDelete
  5. හරිම ලස්සනයි පුංචි සුරංගනාවියේ...ඔයාල හරිම දක්ශයිනෙ... කවදාවත් ඔය ඉගෙනගන්න තියෙන ආසාව උනන්දුව...නිර්මාණශීලීත්වය අත අරින්නනම් එපා පැටියෝ...ඉහලටම යන්න බුදුසරණින්... :)))

    ReplyDelete
  6. අර උඩ පින්තූරෙ ඔයා ඉන්නවද ,මට හොයා ගන්න බෑ ඔයාව.:) ඔයාල හදලා තියන එක ලස්සනයි.

    ReplyDelete
  7. -මකුළු පැංචි ,
    ගොඩාක් ස්තුතියි මකුළු පැංචි නැන්දේ අපිව දිරිමත් කරන්නට පැමිණියාට , ඔව් අපි දිගටම ලියනවා , අම්මයි තාත්තයි කියනවා මෙහෙම නොලිව්වොත් අපිට සිංහල අකුරු අමතක වෙනවාලු , අපේ සමහර සිංහල යාලුවන්ට දැනටමත් සංහල අකුරු ලියන්න අමතකයිනේ ....

    -නදී ,
    නැන්දේ ඒ පිංතූරේ මම විතරයි නැත්තේ , මොකද මම එනකොට ඉසකෝලේ පටන් අරන් මාසයක් ඉවර වෙලා , ඊළඟට photo day එකේදි තමයි මට ඔක්කොම එක්ක පිංතූරෙකට ඉන්න වෙන්නේ ,
    ....මටත් ලස්සනයි කියල හිතෙනවා , නංගි තමයි උදව් කළේ ...නැන්දට පේනවද ඒකේ ඉත්තෑවයි , මුවයි , වලහයි හවෙකුයි ඉන්නවා ...අර උඩින් ඉන්නේ වවුලෙක් පියඹනවා ....ගොඩාක් ස්තුතියි නැන්දේ ...

    ReplyDelete
  8. What a beautiful diorama... I am very proud that you made it yourself at home! All the best!

    ReplyDelete
  9. keep up your works darling...
    akki is sooo...happy to know about your works..
    wishing you all the best..
    here's the most important thing-do not forget sinhala..o.k? It is your native language and the most beautiful language in the world(for me) soo..do your works best in English and also pay a attention on sinhala..
    Wishing you all the success..

    Dear akki,Warsha..

    ReplyDelete