2011/09/30

හික්කඩුව වෙරළ උද්‍යානය

ගොඩක් දවසකින්  එන්න බැරි වුණේ අපිට ඉස්කෝලේ වැඩ ගොඩක් තිබුන නිසායි . ඒ අස්සේ අපේ සිංහල භාෂා දින තරඟ වලට තෝරනවා . මම අපේ පන්තියෙන් පස්දෙනාගෙ  අතරේ ඉන්නවා ගායනයටයි  විරිඳු කියන්නයි ඉන්නවා .

ලස්සන කොරල් බලන්නත් පුළුවන්
                  මම අද ලියන්න යන්නේ  හරිම ලස්සන තැනක් ගැන . යාළුවනේ ඔයාලා දන්නවාද?දකුණු  පළාතේ ‍ ගොඩක් ලස්සන තැනක් ගැන . ඒ  තමයි හික්කඩුව වෙරළ උද්‍යානය .  මේ වෙරල උද්‍යානය ඉතාමත්  අලංකාරයි . එහෙදී අපට විවිධ පාට මාළු , විවිධ  ජාතියෙ  පුංචි සිප්පි කටු වගේත් දැක ගන්න පුළුවන් . අපට ඉතා ප්‍රවේශමෙන්  පීනන්නත් අපට හැකි වෙනවා .
 
                 අපිත්  ගිය සතියේ ඉරිදා මේ වෙරල  උද්‍යානයට  ගියා . එහේ හරිම ලස්සනයි . මම ඔයාලට කලින් කිවුවා වගේ හරිම ලස්සනයි . අපි මේ වෙරල උද්‍යානයේ ඉන්නකොට  ගත්තු ඡායා රූපත් ඔයාලට දැකගන්න පුළුවන් .

ලස්සන මාළු ...
හැබැයි යාළුවනේ ඔයාලා මේ වෙරළ උද්‍යානයට යනවා නම්  පොලිතින් බෑග්  තැන තැන දාන්න එපා . ඒවා නියමිත තැනට දාන්න .  එතකොට මේ වෙරළ උද්‍යානය  ලස්සන කරන  පුංචි මාළුවන් අල්ලන් යන්න  එපා .  මේ වෙරළ උද්‍යානය කැත කරන්න එපා .  එතකොට අපේ අනිත් යාළුවන්ට මේ වෙරළ උද්‍යානයේ  ලස්සන  දැකගන්න බැරිවෙනවා. ඒ  නිසා  ඔයාලත් මේ  වෙරළ උද්‍යානය ආරක්ෂා කරගෙන  මේ තැන අසිරිය නරඹන්න.
මෙන්න මාළු අපි වට කරගෙන ...

නංගිනං ටිකක් බය වුනා ...

මෙන්න අපේ යාළුවෝ ...

තාත්තා මාළු බබාලට කවනවා ...

3 comments:

  1. මාත් පොඩිම කාලේ හික්කඩුවේ මූදේ කොරල් බලන්න ගිහින් තියෙනවා. බෝට්ටුවේ තමා ගියේ. මායි අපේ අප්පච්චියි.

    ReplyDelete
  2. පුංචි දිනිති ගොඩක් හොඳ පණිවිඩයක් දීල තියෙනව කොරල්පර එක්ක තියෙන ලස්සන ලෝකෙ බලන්න එන අයට...

    හැබැයි ඔය ඉන්න මාලුන්ට අපි කන කෑම දාන වැඩෙත් කරන්න එපා... ඒක වැරදි වැඩක්... ඒ වගේම ගල් මල් (කොරල් පර) අල්ලන්න යන්නත් එපා...

    ඔය ෆොටෝ වල ඔයාලව වට කරන් ඉන්නෙ sergeant major damsel fish කියන යාලුව...

    ReplyDelete
  3. -මධුරංග ,
    හරිම ලස්සනයි නේද මාමේ ...දැන් එතන තව ලස්සනට හදලා ..

    -සාතන් ,
    ඇත්තද මාමේ , ඔව් දැන් තමයි මටත් මතක් වුනේ දෙහිවල සත්ව උදා්‍යානයෙත් තිබුණ සතුන්ට කෑම දාන්න එපා කියල , ගොඩාක් ස්තුතියි තාත්තත් කිව්ව අපි තාත්තත් දන්නේ නැති ගොඩාක් දේවල් කියල දීල තියෙනවා කියල ..අපි මාමගේ බ්ලොග් එකේ ලිපියත් කියෙව්ව , ලබන සතියේ හික්කඩු වෙරළ උද්‍යානයට යන්නේ මේ දේවල දැනගෙන නිසා අපි අතින වරදක් වෙන එකක් නැහැ , අනික දැන් අපි ගොඩාක් දැන ගත්ත නිසා තව ටිකක් බලන්න ආසයි ...
    ගොඩාක් ස්තුතියි මාමේ ..

    ReplyDelete