2011/08/02

අපි ගිය වන්දනා ගමන

කිරි වෙහෙර

ඔන්න යාළුවවේ  අපි ගියානේ  වන්දනා ගමනක්  ,    අපි ගියේ  ගාල්ලේ  සිට කතරගම දක්වායි . අපි ඊයේ උදෙන්ම ආ උදෙන්ම..... කිව්වට උදේ  දහයට විතතර තමයි ගමන පයන් ගත්තේ . 

ඒ යනකොට අපි  ලස්සන දර්ශන ගොඩක් දැක්කා . ඒවයින් එකක් තමයි  කතරගම පැත්තට යනකොට  පාරෙ වතුර වගේ පෙනුන මිරිඟුව . ඒක තමයි මගේ සිත ඇදගත්තුම දේ  . එහේ ගිහිල්ලා අපි ගිමන් හළක නැවතුනා . එහේ ටිකක් වෙලා ඉඳලා ගිමන් හැරලා  , හවස  හතරට විතර අපි  ගියා කතරගම දේවාලේ  වඳින්න .  කතරගම දේවාලේට ගිහිල්ලා  හරිම ලස්සන සුදු  පාට නෙළුම් මල් පොකුක් අරගෙන  අපි  ඉස්සෙල්ලාම ගියා කිරි වෙහෙර වඳින්න .

දවල් කෑම ගත්ත හරිම ලස්සන තැන...
  අපි අරගත්තු  සුදු නෙළුම් මල් ටික පූජා කරලා  අපි බිම වාඩි වෙලා  විවිධ ගාථා කියන්න පටන් ගත්තා . ගාථා කියලා ඉවර වුණාම අපි ටිකක්  වෙලා එතන  ඉඳන් නිදහසේ  හිටියා  . 


ලොකූ දඟලන්න නෑ.......
ඊට පස්සේ දවසේ  අපි උදේ හතරට විතර ඇහැරලා ,  ගිමන් හලෙන් පිට වුණා   අපිනම් වෑන් රථයේම ටිකක් නිදා ගත්තා  . ඊට පස්සේ අපි නැගිට්ටේ කෑම කන්න කඩේක  නැවැත්තුවා මයි  . අපි එතැනදි උණු උණු සැන්ඩ්වි කෑවා , හරි ලස්සන දෙයක් දැක්ක එතැනදි , ඒ කඩේ  දුම්බීම තහනම් කියලා  ලියලා තිබුණා . ඒ වුණාට  ඒ කඩේම  අනෙත් පැත්තක ලියලා තිබුණා   සිගරට්ටුවක රු . 18  . 00 කියලා  . ඒ දෙය මම  තාත්තිට කිවුවා .  තාත්ති  කිවුවා “මේ වගේ  දේවළුත්  අපේ බ්ලොග් එකට ලියන්න හොඳ වෙයි කියලා . ඊට පස්සේ අපි කෑම කාලා ගෙදර ආවේ දවල් උදේ අටට විතර  . මෙහෙම තමයි අපේ වන්දනා ගමන ඉවර වුණේ 

ලිව්වේ - දිනිති 

8 comments:

  1. වන්දනා ගමන නම් ශෝක් වගේ නේ...

    ගොඩක් ලොකු ඈයෝ වස බොන්නේ පුංචි ඈයොන්ගේ හිත් වලටත් වස පොවන ගමන්.. ඔයාලා වැරදි දේ වැරදි කියලා අදුර ගන්න එකම ලොකු දෙයක් පුතේ..

    ReplyDelete
  2. හොඳයි,තව ගිය ගමන් ගැන ,හිතගත්ත්තු තැන් ගැන ඉස්සරහට ලියන්නකෝ

    ReplyDelete
  3. ඔයාලා ගිහින් තියෙන්නේ නියම ට්‍රිප් එකක් නේ.
    අම්මෝ මට කාලෙකට යන්න ලැබිලා නෑ.

    ReplyDelete
  4. හානේ ඔයාල අපේ ගෙදර ළගින් තමයි යන්න ඇත්තේ බබෝ!
    මට කිව්වා නම් එළියට වෙලා ඉන්නවා
    මම ඔයාලගෙ බ්ලොග් එකට නිතරම එනවා

    ReplyDelete
  5. ඔයාල හොදට ලියලා තියනවා තව ටිකක් බලන අයගෙ හිත ඇද ගන්න විදිහට හොද හෙඩ් ලයින් එකක් එහෙම දාලා ලියන්න හොදද?
    ඉස්කෝලෙදි රචනා ලියද්දි වගේ
    ගොඩාක් සන්තෝෂයි ඇත්තටම
    තව ඉදිරියට යන්න
    ජය හා සතුට!

    ReplyDelete
  6. මම බැලුවා ඇයි මේ චුට්ටො දෙන්න පේන්න නැත්තෙ කියලා.
    බලනකොට විනෝද ගමන් ගිහින් නේද? හොදයි හොදයි අපිත් ලගදී ගියා කතරගම...
    මාත් දැකලා තියනවා මිරිගුව...ඒ කියන්නේ ඒ පැත්තට ගොඩාක් පායනවා ඇතිනේ...

    දුම් පානය ගැනනම් හොද කතාවක් කියලා තියෙන්නේ..බොර්ඩ් ගහන ගොඩාක් දේවල ඔහොම තමයි දරුවෝ. පේන්න විතරයි තහනම. යටින් වැරදි දේවල් වෙන්නේ..

    ස්තුතියි........

    ReplyDelete
  7. අසනි ,sithuwilimandiya,මධුරංග,අන්තර්ජාලයෙන් මුදල් ,ප්‍රියංක ‍පොටෝ,Gimhani ------
    බොහොම ස්තුතියි ඒ වගේම ගොඩාක් පිං අපිව උනන්දු කරනවාට , අපේ අඩුපාඩු පෙන්වා දෙනවාට , ඔව් අපි තව ලියනවා ථ දැන් හරි ආසයි ලියන්න ,

    ReplyDelete
  8. ඒක හොඳයි අවුරුද්දකට සැරයක්වත් වන්දනාවේ යන එක .....
    දුම්බීම ගැනනම් කියලා වැඩක් නැහැ ......

    ReplyDelete