2011/08/15

අබිරහස් ගමන ...

අසරයි..මායි මේ කන්ද නඟින්න ඉස්සර වෙලා...
අපි පෙරේදා ගියා මගේ හොඳම යහළුවා වන අසරාගේ  ගෙදර ගියා .අහ්! අසරාගේ ගෙදර කිව්වාට එයාගේම ගෙදර නෙමෙයි ‍එයාගේ අම්මාගෙයි     තාත්තාගෙයි ගෙදර  .  හුඟ දවසක් ඉඳන් එන්න කිව්වත් එදා තමයි යන්න උනේ. 

2011/08/12

පොත් කියවමුද?



මෙන්න පිච්චමල
ඔයාලා පොත් කියවනවාද? මම නම් පොත් කියවනවා . පොත් කියවීමෙන්  දැනුම , රසය , ආදර්ශ වගේ දේවල් ගොඩක් අපට ලබා ගන්න පුළුවන්  . අපට කියවන්න  එක එක ජාති ‍යේ   පොත් තියෙනවා . කෙටි කතා පොත් , නවකථා  පොත් , විද්‍යාත්මක පොත් , ඒ විතරක්ද පාසලේ පොත් , මං අද ලියන්නේ මම කියවපු ගොඩාක් ආස හිතුන පොත් ටිකක් ගැන ,

2011/08/09

කැවුම් කමුද ...?


පිටි දාලා  පැණි දාලා
තෙලේ බදින කැවුම්
පුංචි අපිත්  කන්න කැමති
කොන්ඩෙ  තියෙන කැවුම්

අවුරුද්දට ‍නැතුවම බැරි 
පැණි බේරෙන කැවුම්
රසයි  රසයි  හරිම රසයි
කොණ්ඩෙ  තියෙන  කැවුම් 


-දිනිතිගෙන්

2011/08/08

මැසි හාමි ....


කෑම බීම හැමවිට.....
වසා තැබුම හොඳමය....
නැත්නම් මැසි හාමි ඇවිත්....
වසන්නේ ඒ මතමය.....
කෙළ දමලා දියකරලා....
කරන්නේ ඌ නරකය......
කෑවොත් එම ආහාරය....
හැදෙයි බඩේ අමාරුව....

2011/08/07

නිවාඩු කාලේ ආවා...

ආවා නිවාඩු කාළේ ...
දීවා සෙල්ලම් පිටියේ ..
නෑවා නෑවා මුහුදේ ...
හාවා වාගෙයි කැළයේ ...

කවිය -දිනිතිගෙන්

අපේ කුරුළු පැටව්...



මගේ කුරුළු පැටවුනේ ....
කොහෙද කොහදැයි යන්නේ ....
දුක් සැප අහන්නේ ....
අපේ තැටියෙන් කෑම ගන්නේ ....

ලිව්වේ - මිතිලි නංගි

2011/08/02

අපි ගිය වන්දනා ගමන

කිරි වෙහෙර

ඔන්න යාළුවවේ  අපි ගියානේ  වන්දනා ගමනක්  ,    අපි ගියේ  ගාල්ලේ  සිට කතරගම දක්වායි . අපි ඊයේ උදෙන්ම ආ උදෙන්ම..... කිව්වට උදේ  දහයට විතතර තමයි ගමන පයන් ගත්තේ . 

ඒ යනකොට අපි  ලස්සන දර්ශන ගොඩක් දැක්කා . ඒවයින් එකක් තමයි  කතරගම පැත්තට යනකොට  පාරෙ වතුර වගේ පෙනුන මිරිඟුව . ඒක තමයි මගේ සිත ඇදගත්තුම දේ  . එහේ ගිහිල්ලා අපි ගිමන් හළක නැවතුනා . එහේ ටිකක් වෙලා ඉඳලා ගිමන් හැරලා  , හවස  හතරට විතර අපි  ගියා කතරගම දේවාලේ  වඳින්න .  කතරගම දේවාලේට ගිහිල්ලා  හරිම ලස්සන සුදු  පාට නෙළුම් මල් පොකුක් අරගෙන  අපි  ඉස්සෙල්ලාම ගියා කිරි වෙහෙර වඳින්න .

දවල් කෑම ගත්ත හරිම ලස්සන තැන...
  අපි අරගත්තු  සුදු නෙළුම් මල් ටික පූජා කරලා  අපි බිම වාඩි වෙලා  විවිධ ගාථා කියන්න පටන් ගත්තා . ගාථා කියලා ඉවර වුණාම අපි ටිකක්  වෙලා එතන  ඉඳන් නිදහසේ  හිටියා  . 


ලොකූ දඟලන්න නෑ.......
ඊට පස්සේ දවසේ  අපි උදේ හතරට විතර ඇහැරලා ,  ගිමන් හලෙන් පිට වුණා   අපිනම් වෑන් රථයේම ටිකක් නිදා ගත්තා  . ඊට පස්සේ අපි නැගිට්ටේ කෑම කන්න කඩේක  නැවැත්තුවා මයි  . අපි එතැනදි උණු උණු සැන්ඩ්වි කෑවා , හරි ලස්සන දෙයක් දැක්ක එතැනදි , ඒ කඩේ  දුම්බීම තහනම් කියලා  ලියලා තිබුණා . ඒ වුණාට  ඒ කඩේම  අනෙත් පැත්තක ලියලා තිබුණා   සිගරට්ටුවක රු . 18  . 00 කියලා  . ඒ දෙය මම  තාත්තිට කිවුවා .  තාත්ති  කිවුවා “මේ වගේ  දේවළුත්  අපේ බ්ලොග් එකට ලියන්න හොඳ වෙයි කියලා . ඊට පස්සේ අපි කෑම කාලා ගෙදර ආවේ දවල් උදේ අටට විතර  . මෙහෙම තමයි අපේ වන්දනා ගමන ඉවර වුණේ 

ලිව්වේ - දිනිති