2011/07/23

ගමේ කෑම....


ගමේ කෑම වේලක රසය

              යාළුවනේ , ඔයාලා මේ කැම ජාති  කාලා තියෙනවද බලන්න ,තිබ්බටු  මැල්ලුම , පොළොස්   ඇඹුල , කොස් ඇටමාළුවකළුපොල් මාළුවකොස් තම්බලා,  නිවිතිත් එක්ක දෙල්  එතකොට..... කොස් තම්බපුවත් එක්ක පොල් සම්බෝල කොච්චි සම්බෝලෙ , කැරන් කොකු , මැඩ කොකු තියෙන රසය .අපි බලමු මේ හැම එකකම රසය . මම ඒවායේ  රස පුළුවන් ඉස්තරම්  විදිහට කියනන් නම්, මොකද අපේ ගෙදර නම් හුඟක් වෙලාවට මේව හදනවා , අපේ අම්මයි , තාත්තයි හරිම ආසයි මේ කෑම වර්ග කන්න.

             කොළ පාටට තියෙන  තිබ්බටු මැල්ලුමයි,  බතුයි  කරවලයි ,එකට දාගෙන කනකොට තියෙන රසය!! චූටි තිත්ත රසයත් එක්ක පුදුම රසක් !ඒ  රස කියන්න බැරි තරම්  . ඒ  විතරක්ද  පොළොස්  ඇඹුලත් එක්ක  බත් ම්.. ම්... හරිම  රස..............යි     ඒ  රස කියන්න බැරි තරම්  ඊටත් වඩා  රසයි .  ඒ  වගේම තම යි කොස් ඇට , කොස්  ඇට මාළුවත් එක්ක බත් හරිම  රස..............යි . කොස් ඇට කළු  පොල් මාළුවයි ,පොළුයි , බතුයි , පුදුම රසයක්  . චුට්ටක් බඩ දන්න ගන්නවා , ඒත් රසනම්  ඉස්තරම් , 

ඒ විතරක්ද කොස්  තම්බපුවත් එක්ක  පොල් සම්බොල් ඒ රසයනම් කටින් තියා අතින්වත් කියන්න බෑ . උදේට සුදු හාලේ බතට මේ දෙක එකතු වුනාම පිඟන් දෙක තුනක් වුනත් කන්න පුළුවන් ,

තව......දෙල්  එක්ක නිවිති දාලා බතුයි  පරිප්පුයි කන කොටත් හරිම රසයි ඒකට  කොච්චි  සම්බෝලයත් එකතු වුනාම හරිම රසයි . කැරන් කොකු , මැඩ කොකු ජාති දෙකම හින්දල හැදුවම නියමයි , චුට්ටක් බණ්ඩක්ක වල වගේ ඇලෙන ගතියක් තියෙනවා , මෙන්න මේවා තමයි හරිම රස  ගමේ කෑම . මමනම් හරිම ආසයි  මේවා කන්න  . ඔයාලත් මේවා කාලාම  රසය  හොයා ගන්න

ලිව්වේ - දිනිති 

15 comments:

  1. අනේ අප්පේ මේ මොනාද මේ ලියලා තියෙන්නේ. කටට කෙලත් ආවා.මාත් ආසම කෑම වට්ටෝරුවක් මේක. මගේ ආහාර රටාවත්
    මේක. අපිට සුදුසුත් මේ ආහාර තමා.

    ඔයාලගේ ඔය සරල ජීවිතේ.. සරල ආහාර රටාව මාත්
    ගොඩාක් ආසයි. මොකද නැන්දත් ඒ වගේ කෙනෙක් නිසා.

    ReplyDelete
  2. දෙය්යනේ, ඔයාලා කාල තියෙන කෑම ජාතිවල තරම්.කොස් එක්ක කරවල හොදි තමා ගැලපෙන්නේ. නුවර පැත්තේ ඉන්න මම නම් කැරන් කොකු,මැඩ කොකු ගැන දන්නේ නැහැ.දෙල් තම්බලා කිරි හොදි සහ ලුණුමිරිස් එක්ක කෑම තමා හොඳ.මේ හැම දේටම වඩා දුවගේ රචනා විලාශය ඉතාම ලස්සන බව කියන්න ඕනේ.වයස අවරුදු 38 වුන මටත් ඔය වගේ ලස්සනට ලියන්න බැහැ.මම ඔයාලට සුභ පතනවා.

    ReplyDelete
  3. අපි හිතුව ගිම්හානි නැන්ද ආයෙත් ඒවි කියල , ඇත්තමයි කියන්නේ මේක ටයිප් කරනකොට මටත් කෙළ ඉනුව , ගොඩාක් ස්තුතියි අපිව දිරි ගැන්වූවාට

    ReplyDelete
  4. Anonymous
    දෙල් ගැන කියවන කොට ආයෙත් බඩගිණි වුනා , ගොඩාක් ස්තුතියි ඔබටත් ,

    ReplyDelete
  5. ම්... ම්... තාත්තගේම දුවලා දෙන්න නේද ? හොඳ ලිපියක්... ඔයාලා දෙන්නම අනාගතේ හොඳ බ්ලොග් රවිකාවියෝ දෙන්නෙක් වෙයි කියලා මට නම් විශ්වාසයි... දිගටම ලියන්න හොඳ ළමයි වගේ...

    ReplyDelete
  6. ඔව් චතුරංග මාමේ , ඔයාල හැමෝගෙම ආදරයයි , උනන්දුවයි පිරිච්ච මේ වගේ අදහස් නිසා අපිට තව තව ලියන්න හිතෙනවා , ඔයාල හැමෝටම ගොඩාක් පිං

    ReplyDelete
  7. දවල්ට කන්න වෙලාව හරි වගේ බඩ ගිනීනී........ හපොයි ඔහොම ඔක්කොම එක පාර මතක් කොලාම කොහොමද ........ ඔක්කොම හදන්න බෑනෙ !
    මගේ නං ආසම කෑම තිබ්බටු මැල්ලුම ..........
    චූටි දුව කැමතිම මොන කෑමද ?

    ඔයගොල්ලො වගේ පොඩි දරුවො අර ටීවී 1 කේ පෙන්නන " කන්නයි බොන්නයි " වගේ කුනු ගොඩවල් වලට කවදාවත් පුරුදු වෙන්න එපා

    ReplyDelete
  8. ගොඩාක් ස්තුතියි සමීර මාමේ , අපේ ගෙදරට ඒවා නම් ගේන්නේ නැහැ , හැබැයි එක දවසක් තාත්ත ගෙනත් දීල මේව තියනවා දැනගන්න කාළ බලන්න කියල දුන්න එච්චරමයි , ටීවී එකේ එහෙම කිව්වට තිබ්බටු මැල්ලුමක , තිබ්බටු ගෙඩි හපන කොට එන රස මේ කිසි දේකින් එන්නේ නැහැ , අනෙක් අපේ ගෙදර ටීවී එක දාන්නෙත් අටට නිව්ස් බලන්න විතරයිනේ .

    ReplyDelete
  9. නියම කෑම ටිකක් චුටි දූ.
    මම නම් ආස සාලයෝ මාලු උයලා, පරිප්පු උයලා, මැල්ලුම් එක්ක බත් කන්න.

    ReplyDelete
  10. හ්ම් මාත් හරි ආසයි , මම නම් එදාට වැඩි පුර කන්නේ හොදිත් එක්ක බත් , ගොඩාක් ස්තුතියි මධුරංග මාමේ අපිව දිරි ගන්වනවාට

    ReplyDelete
  11. චුටී දු ඔයාලා බලන්න ආවේ අද තමයි..ඒත් ඔන්න මීට පස්සේ.. පුතාලව බලන්න හැමදාම එනවා..(පුතා කිවුවට තරහ නෑ නේද? නැන්දගේ අම්මා නැන්දට කතා කරන්නේ එහෙම තමයී)..

    මගේ පුතේ, ඕවානම් හරිම රසයි තමයී..ඒ වගේම මෙන්න මේ කෑමත් අම්මට කියලා හදලා කාලා බලන්නකෝ "කිරි කොස් උයලා,කරවල බැදුමයී,පොල් සම්බෝලෙයි" ම්...ම්... බත් නැතුව උනත් කන්න පුලුවන්...කාලා රහ කියනවා නේද?

    ReplyDelete
  12. අසනි නැන්දේ , ගොඩාක් ස්තුතියි අපිව දිරි ගන්වනවාට , ඇත්තටම කොස් ඇටත් දාපු , කිරි කොස් නම් කාළ තියෙනවා හරීම රසයි, හැබැයි ඒවා පොල් සම්බල් එක්ක නම් කාළ නැහැ තමයි ,අම්මට කියන්න ඕන,

    ReplyDelete
  13. චූටි නංගිල ගොඩක් කෑම වර්ග ගැන දන්නව නේද? අනේ මටනම් මොනව කෑවත් තිබ්බටු නම් කන්න බෑ. මම කන්න උත්සහ කරල තියනව, ඒත් තිත්තයි නෙ.

    ReplyDelete
  14. ඔව් කසුන් අයියේ , ඒ වුනාට තිබ්බටු බැදලා (ටිකක් කළු පාට වෙන්න ) බතුත් එක්ක කන්නකෝ , හරීම රසයි , ගොඩක් ස්තුතියි අපේ සටහනට හැමදාම ඇවිත් අපිව දිරි ගන්වනවාට

    ReplyDelete
  15. අනේ අප්පේ බඩගින්නකුත් ආව ........

    ReplyDelete