2011/07/17

නිරාෂා සහ රුමාෂා

ඔන්න යාළුවනේ එක ගමක නිරාෂා කියලා බබෙක් හිටියා.එයාගේ  ගෙදර ලස්සන මල් වත්තක් තිබුණා.
නිරාශා සත්තුනට ආදරෙයි ...
ඒකෙ රෝස, බාබන්ඩේසියා,සමන් පිච්ච,ඇන්තූරියම් වගේ මල් වර්ග ගොඩක් තිබුණා.ඒවාගේ පැණි බොන්න එන ලස්සන සමනලුන් ,මී මැස්සන්  ‍නිතරම ඒ වත්තේ සිටියා. 

චූටි නිරාෂා ආදරෙන් ගස්  වලට සාත්තු  කළ අතර වත්තට එන  සතුන්ට ආදරය කරුණාව දැක්වුවා. ඒත් එහා ගෙදර හිටපු රුමාෂා ඒ අයගේ වත්තට එන සතුන්ට හිංසා කරා. එම නිසා රුමාෂලාගේ වත්තට එක සතෙක් වත් ගියේ නැහැ. 


රුමාෂාට දවසක් නිරාෂා මුන ගැසුණ විට රුමාෂා මෙහෙම අහනවා “නිමාෂා ඔයාලාගේ ගෙදරට සත්තු ආවත් අපේ ගෙදරට සත්තු එන්නේ නැහැ“

දැන් නම් කුරුල්ලො එනවා 
“ යාළුවේ ඔයා සත්තුන්ට කරදර කරන එක නැවැත්තුවොත් සතුන් ඔයාගේ වත්තට එයි “ නිරාෂා කිවුවා. ඉන්පසු රුමාෂා සතුන්ට හිංසා කරේ නැහැ. එයාගේ වත්තටත් ඊට පස්සේ සතුන් එන්න පටන් ගත්තා.










කතාව ලිව්වේ මිතිලි නංගි

3 comments:

  1. පුංචි කාලේ ඉදලම සතුන්ට හිංසා කරන්න හොද නෑ !!!!
    අපි සතුන්ට ආදරේ කරන්න ඕනේ.

    ReplyDelete
  2. ඔව් ඔව් නැන්දාගේ වත්තෙත් කුරුල්ලො ලේන්නු ගොඩාක් ඉන්නවා.
    ඒ නැන්දා සත්තුන්ට ආදරේ කරන නිසා.

    ReplyDelete
  3. අපිව දිරිමත් කරන ඔයාලා හැමෝටම ගොඩාක් පිං

    ReplyDelete