2011/07/19

පුංචි මල්ලියේ....

පුංචි මල්ලි ඔයා මොකද
බිම බත් කන්නේ......
අම්ම නැතිද ...තාත්ත නැතිද 
පුංචි මල්ලියේ....

ඔබ දැක්කම හිතට දුකයි
පුංචි මල්ලියේ  ......
නෙතේ  කඳුළු සඟවා ගමි
පුංචි මල්ලියේ.......

මා ලොකු වූ යම් දිනයක
හෙට අනාගතේ ....
ඔයා වගේ ළමයින් හට
උදව් කරන්නේ...........


කවිය- දිනිති අක්කගේ ...

18 comments:

  1. චූටි දූගේ ලස්සන කවියක්. එයාලා ගොඩක් දුප්පත්. එයාලට උදව් කරන්න කවුරුත් නෑ. ඒකයි එයා බිම තියෙන බත් කන්නේ.

    ReplyDelete
  2. ලස්සන කවියක් නංගියෝ. ඔයා හොඳට ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වෙලා ඒ වගේ අයට උදව් කරන්න.

    ReplyDelete
  3. ලස්සනයි

    ReplyDelete
  4. මේ වගේ හොඳ අදහස් හැමදාම හිතේ තියාගන්න.

    ReplyDelete
  5. අපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්

    ReplyDelete
  6. බොරු කියන්න ඕනෙ නෑ ඇස් වලට කදුලු ආවා... ඕක හිතේ තියාගන්න...

    ReplyDelete
  7. අපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්

    ReplyDelete
  8. හොද අදහසක් නැති අයට උදව් කරන එක.
    කුනු බක්කි අව්ව්සලා කන දරුවෝ කොච්චර ඉන්නවද?
    බඩ ගින්නේ ඉන්න කෙනෙක්ට කන්න ටිකක් දෙන එක ලොකු පිනක්.
    ඒවගේම අපි පුරුදු වෙන්න ඕන කෑම නාස්ති නොකරන්නත්.

    ReplyDelete
  9. ගොඩාක් ස්තුතියි නැන්දේ

    ReplyDelete
  10. හරිම අර්ථවත් කවියක් දූවේ.මේ ලෝකේ හොඳ තැනක් කරන්න, අසරණයින්ට උදව් කරන්න දැන්ම ඉඳන් හොඳ සිතුවිලි ගුණධර්ම ඉගෙන ගන්නා හොඳ අදහස් තියෙන ඔබලා වගේ දරුවන්ට හැකිවේවි. ඔයාලා දෙන්නගේ මේ නිර්මාණ අපි හරිම ආසාවෙන් කියවන්නේ. ඔබේ පියාගේ අඩවීයෙන් මෙහී පැමිණියේ.

    ReplyDelete
  11. අපිව දිරිමත් කරන ඔබ සැමටම අපේ ස්තුතියි පුදන්නේ ගොඩාක් ආදරෙන්

    ReplyDelete
  12. හරිම ලස්සනයි පුංචි පැටවුනේ. අද තමයි මේ පැත්තට පළවෙනියට ආවේ.. ඔය දෙන්නටම තවත් ගොඩාක් ලස්සන නිර්මාන කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම..

    ReplyDelete
  13. ලස්සනයි චූටි දූ .......

    ReplyDelete
  14. අපිව දිරිමත් කරන මාමාල , නැන්දල ,අයියල  , අක්කල හමෝටම ගොඩාක් පිං

    ReplyDelete
  15. මම නම් හොදට දන්නවා මගේ නංගිලාට පුලුවන් යම් දවසක මෙයාලට උදවු කරන්න. ගහේ කටු උල් කරන්න ඕනා නැහැ කියලා නංගිලා අහලා තියනවා නේද ඒ වගේ මගේ නංගිලත් අපේ ගුරැ පියාණන් වගේම හොද හිත තියන කෙනෙක් වේවි.

    ReplyDelete
  16. නදීශා අක්කේ , ගොඩාක් ස්තුතියි පැමිණියාට,

    ReplyDelete
  17. දුවේ මෙහෙම ළමයි ඕනතරම් ඉන්න අපේ රටේ එක එක ළමයාට උදව් කරන්න අපට බෑ..
    අපි මෙහෙම කරමු.. අපි හොඳට ඉගෙනගෙන මේ රටේ ඉහලම තැනකට ඇවිත් අපේ රටේ දුප්පත්කම නැතිකරමු. එතකොට අපේ බලාපොරොත්තුව ඉස්ටවේවී නිකන්ම... මහන්සිවෙලා හොඳට ඉගෙනගමු..

    ReplyDelete