2011/07/23

පුංචි බබෝ සතුන් එපා කූඩු කරන්න.....

පුංචි බබෝ සතුන්
 එපා කූඩු කරන්න..........
උන්ට අනේ නිදහසේම
ඉන්න අරින්න.............
අපි ආසයි නේද
අනේ නිදහසේ ඉන්න.....
ඉතින් අනේ එපා ඔයා
එහෙම කරන්න........

ලිව්වේ - මිතිලි

7 comments:

  1. අපිත් කූඩුවල ඉන්න කැමති නෑනේ. ඒ නිසා සතුනුත් කූඩුවල ඉන්න කැමති නෑ. ඒ නිසා සත්තු කූඩුවලට දාන්න හොද නෑ.

    කවිය ගොඩක්ම ලස්සනයි

    ReplyDelete
  2. අපි බලාගෙන හිටියේ හරිම ආසාවෙන් , ගොඩාක් ස්තුතියි මධුරංග මාමේ ...

    ReplyDelete
  3. මාත් හරිම අකමැතිම දෙයක් සත්තු කූඩු කරන එක.
    එයාලට නිදහසේ ඉන්න හරිමු. ඒත් එයාලව අපේ වත්තට ගෙන්න
    ගන්න ක්‍රම තියනවා නේද දන් ඔයාල කරනව වගේ
    වතුර ටිකක් තියල කෑම ටිකක් දාලා නේද? එයාල බය
    නැතුව ඇවිත් ඒවා කාල බීලා ලස්සන සින්දුවකුත් කියල යනවා.

    ස්තූතියි හොද දෙයක් පෙන්නලා දුන්නාට.

    ReplyDelete
  4. ගොඩාක් ස්තුතියි ගිම්හානි නැන්දි , අපි මග බලාගෙන හිටියේ , තව ටිකකින් කුරුළු පැටියෙක් ගැන තව වීඩියෝ එකක් දාන්න දැන් අපි හදනවා ..ඒ තමයි මම මුලින්ම විඩියෝ එකක් edit කරන්න ඉගෙන ගත්ත එක , තාම තාත්ත මේක කියල දෙනවා ...ගොඩාක් ස්තුතියි නැන්දේ ...

    ReplyDelete
  5. ලස්සන කවියක් නංගියෝ. අදහසත් ගොඩක්ම වටිනවා.

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි කසුන් අයියේ , අපිටත් හරිම සතුටුයි

    ReplyDelete
  7. ඒක නම් ඇත්ත, සත්තු කූඩු කරලා හදන එක නම් හොඳ නැහැ, ඒත් කූඩු වල විතරක් ජීවත් වෙන සතුනුත් ඉන්නවා නේද දුවා, ඔය ලව් බර්ඩ්ස්ල වගේ උන්ට එලියෙ ජීවිතේ හුරු නැහැ, ඉපදෙන්නෙත් කූඩුවල මැරෙන්නෙත් කූඩුවල ......

    ReplyDelete