2011/07/17

චන්ද්‍ර ග්‍රහණය දා ...

රතුපාට හඳ මාමා
ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ  චන්ද්‍ර ග්‍රහනය   ගැනයි . චන්ද්‍ර ග්‍රහනය  කි‍යන්නේ   හඳයි , ඉරයි අතරට පෘථිවිය ආවාම  වෙන දෙයක් . 


හඳට  එළිය ලැබෙන්නේ ඉරෙන් .  ඉතින් ඒ ඉර නැති වුණාම හඳට එළියක්  නෑනේ .  ඒක වෙන්නේ හඳට  ඉර එළිය ලැබෙන වේලාවේ  එතනට අපේ පෘථිවිය ඇවිත් අපේ පොළොවේ හෙවනැල්ල හඳට වැටුනාම. ඒ කියන්නේ  මෙන්න  මේ වගේ දෙයක් . හද ,  පෘථිවිය  ,ඉර මේ  පිළිවෙලට  එක ඉරකට වගේ පිහිටියාම  ප්‍රථවියෙන්  ඉර වැහෙනවා . එතකොට හඳට ඉර එළිය ලැබෙන්නේ නෑ . 



ඔයාලාට මතක ඇති මේ ළඟකදී  මේ වගේ චන්ද්‍ර ග්‍රහනයක්වුණා . මේක තමයිලු  2011 වර්ෂයේ  ප්‍රථම චන්ද්‍ර ග්‍රහණය කියලා විද්‍යාඥයන්  කියනවා . මේක වෙලා තියෙන්නේ  වර්ෂ ගණනාවකට පස්සේ ලු . ඔයාලා දන්නවාද? අපට මේ වගේ  චන්ද්‍ර ග්‍රහනයක් නැවත  දැකගන්න පුළුවන් වෙන්නේ  2018 ජනවාරි 31 ලු . ඔයාලා දන්නවද? මේ චන්ද්‍ර ග්‍රහණය  පටන් අරගත්තේ අපේ වේලාවෙන් රෑ එකොළහ දොළහ අතරේදි ,   මේක විනාඩි  සියයක කාළයක් පැවැත් වුණා.  අපි නම් ඒ වෙලාවෙ චන්ද්‍ර ග්‍රහණෙ බැළුවා , හැබැයි නිදි මතේම තමයි බැළුවේ .තාත්ත නම් ඒක වීඩියෝ කරල පස්සෙන්දා අපට පෙන්නුවා .


මේ චන්ද්‍ර ග්‍රහනය  අපේ රටට විතරක් නෙවෙයි  තවත් සමහර  රටවල් වලටත් මේක පෙනිලා තියෙනවා .   ඒ රටවල් අතරින්  ඕස්ට්‍රේලියාව වගේ රටවලට හඳ පෙනිලා තියෙන්නේ  ලේ පාටටයි . හරි පුදුමයි  නේද? යාළුවනේ  . මේකට මොකක් හරි හේතුවක් තියෙන්නම එපායැ . මේකට හේතු වශයෙන්  අපේ රටේ  විද්‍යාඥයන් කියන්නේ  විලී රටේ  ඇන්ඩීස් කඳුකරයේ  පුහේයු  ගිනි කන්ද පුපුරා  යන්න පටන් අරගෙන තිබුන නිසා   මේකෙන් පිටවෙන  දුම් වළාවෙන්  අහස  වැහිලලු  තිබුණේ . ඒක නිසා  එයාලට  හඳ  රතු වෙලා පෙනිලා  තියෙන්නේ  . හරි පුදුම වැඩක්නේ වෙලා තියෙන්නේ . මේ පුපුරා යාම සිදුවෙමින් පවතින්නේ  චිලී රටේ . ඒත් ඊට කිලෝමීටර ගණනාවකින්  දුර තියෙන  ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයටත් මේ  දුම් වළාව  පැතිරිලා  ගිහිල්ලාලු . ඒක නිසා   ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේත් ගුවන් ගමන් නතර  කරලාලු  . එහෙට හඳ රතුවට කිව්වට තඹ රන් පැහැයටලු පෙනිලා තියෙන්නේ  .  ඒකත් හරි  පුදුම වැඩක්‍  ,  අපේ හඳමාමා කළුවරේ හිටිය හැටි නේද යාළුවනේ ? .


විජය පත්තරේ කියවත්දි ලැබුණු ලිපියකින් මම ගොඩාක් මේ ගැන කියෙව්වා , ඉතින් ඒ දේවල් ඔයාලටත් කියන්න හිතුනා .


එහෙමනම්  මම යනවා , හෙටත් එනවා ඔයාලට මොනවා හරි අරගෙන .


ලිව්වේ - දිනිති 

3 comments:

  1. දක්ෂයි මගේ නංගිලා දෙන්නම සුබපතනවා ඔයාලාට. තාත්ති වගෙම වෙන්න

    ReplyDelete
  2. මමත් එකම එකපාරක් පූර්ණ චන්ද්‍රග්‍රහනයක් දැකලා තියෙනවා. ඔය චුටි දූලත් දැකලා තියෙනවද ?
    චන්ද්‍රග්‍රහණයක් බලන්න නම් කන්නාඩි ඕනේ නෑ. ඒත් සූර්යග්‍රහණයක් බලන්න අනිවාර්යෙන්ම කන්නාඩි දාන්න අමතක කරන්න එපා. හොදද දූ !!!!

    ReplyDelete
  3. 2011 දෙසැම්බර් 10 අද තමයි මේ අවුරුද්දේ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහනය

    ReplyDelete