2011/07/14

පංති යෑම

                   යාළුවනේ  ඔයාලා හැමදාම පංති  යනවනේද? මම නම් එහෙම නෑ . මම යන්නේ වයලීන්  පංතියට විතරයි . හැබැයි ඒ වුණාට  මම ගෙදරදි ඒ ඔක්කෝම  වැඩ ටිකනම් කර ගන්නවා . ඒ වුණාට මම පංතියේ නම ‍වෙනියා .හැම විෂයකටම ලකුණු අනූවට වැඩිය තියෙනවා ඒ විතරක් ද අපේ පංතියේ පනස් දෙකක් යාළුවො ඉන්නවා.

ඒ වුණාට එයාලා හැම තිස්සේම පංති....... .  මටනම් මේක හරි ප්‍රශ්නයක් . ඒ නිසාම මේ ගැන මම ‍මේක පංති යන  අපේ පංතියේ යළුවෙක්ගෙන්ම ඇහුවා .මම එයාගෙන් මෙන්න මෙහෙම  ඇහුවා . 


“ඔයා හැම දාම පංති යන්න කැමතිද? “
එයා කියනවා “අපෝ නෑ මම කැමතිම නෑ. “
“එහෙනම් ඔයා හැමදාම පංති යන්නේ? “

මම කැමැත්තෙන් නම් නෙවෙයි පංති යන්නේ . “

මට හරිම ප්‍රශ්නයක් මේක “එහෙනම්  කාගෙ කැමැත්තටද? “

ඒපාර යාළුවා කියනවා “මම පංති යන්නේ අම්මා කියන නිසා. “   

“අකමැත්තෙන්  පංති යන කොට  ඔයාට ඒ පාඩම් මතක හිටිනවද?“

“ නැහැ කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ.“ මගේ යාළුවා දුකෙන් වගේ කිව්වා 

මෙතනින් අපි දෙන්නා අතර ඇති වුණ දෙබස  නතර වුණා .


ඉතින් යාළුවනේ මට නංගිත් එක්ක සෙල්ලම් කරන්න නිදහසේ ඉන්න තියෙන කාලය අනිත් යාළුවන්ට  නැති එක ගැන මට හරිම දුකයි .  


ලිව්වේ - දිනිති

2 comments:

  1. දිනිතිගේ ලිපියට නැන්දාට කරුනු ගොඩාක් තියනවා ලියන්ට.
    ඉඩ ලැබුන විගස ලියනවා.

    ReplyDelete
  2. අද මේ පන්තියෑම කිසිම තේරුමක් නැතුව මෝස්තරේට කරන දෙයක් වෙලා.දුව කිව්ව වගේ බොහෝ දෙමාපියන් කරන්නේ විෂයන් ඔක්කොටම පන්ති යවනවා.ඉතින් බලන්න මේ දරුවන්ට
    තමන්ගේ ලමා කාලය පාරටම ගතකරන්න වෙලා. සෙල්ලම් කරන්න ..ගෙදර අයත් එක්ක ඉන්න කාලය නැති වෙලා.ඉතින් කුඩා කාලයේ නැතුව ලොකු උනාමද සෙල්ලම් කරන්නේ??ඒත් බොහෝ දෙමාපියන්ට පුලුවන් තම දරුවන්ට පන්ති නොයවා ගෙදරදී සහයෝගය දක්වන්න. අමාරුම විෂයකටනම් ගියාට වරදක් නෑ.ඒවගේම ලොකු පන්ති වලට යනවිට පන්ති යන්න සිදුවෙනවා .. දැන් බලන්න ඔය දියනියගේ දෙමාපියනුත් රැකියාවට යනගමන්නේ සියලුම දේවල් කරන්නේ නේද?
    අනිත් එක වෙනියාගෙන් වැඩක් නෑ ලකුනු මට්ට්මයි වැදගත් වෙන්නේ.
    දිගටම හොද ලකුනු මට්ටමක් තියාගන්න.

    ඔයා හරි .. හොද බුද්ධිමත් ලමයෙක්.
    ජය!!

    ReplyDelete