2011/07/08

ගෙදර වැඩට මම කැමතියි


මමයි  ගෙදර Chef 
 මේක ගිය සෙනසුරාදා කතාවක් ... අද මමයිගෙදර චෙෆ් . මොකද දන්නවද යාළුවනේ ?මමයි අම්මයි  තමයි  ‍අද ගෙදර කෑම ඉව්වේ.අම්මයි මමයි එකතුවෙලා හැමදාම සෙනසුරාදාටයි  ඉරිදටයි  ගෙදර කෑම  උයන්නේ .  එතකොට මට හරි සතුටු‍යි  හරිම ආඩම්බරයි  ඒ විතරක්ද හොඳ හුරුවකුත්  ලැ‍බෙනවා    අම්මියි තාත්තියි චූටියි ගේ කෑම රසයි කිව්වහම මට හරි සතුටුයි ගැන හරිම ආඩම්බරයි . ඒ වගේම සෙනසුරාදාටයි  ඉරිදටයි  ගෙදර අස් කරලා ලස්සනට තියා ගන්නෙත් අපි දෙන්නා  . එතකොට ඒවා බලනකොට හරිම සතූටූයි . අපේ ගෙදරට අමුත්තො ආවාම ඒ අය කියනවා ගේ හරිම ලස්සනයි  කියලා.  එතකොට අපේ අම්මි   කියනවා  අපේ  ලොකූ  තමයි  මේ ගෙදර ලස්සන කරන්නේ  .  අම්මි  එහෙම    කිවුවහම මට හරිම    සතුටුයි  .  ඒ වාගේම හරිම   ආඩම්බරයි   .  යාළුවනේ ඔයාලටත්   ඒ සතුටයි   ඒ   ආඩම්බරයයි  ලබා     ගන්න   පුළුවන් වෙන්නේ       හොඳට  ඇඟ   වෙහෙසවලා     කම්මැලිකම    අත  හැරලා   වැඩ කලොත්    විතරයි .       ඒ   නිසා  ඔයාලත්    කම්මැලි  කම  අතහැරලා  වැඩ    කරන්න................   

11 comments:

  1. my lovely sister your advice is very nice i appresiate your work. wish you all the best

    ReplyDelete
  2. අන්න හොද දරුවෙක්. විශේෂයෙන් ගෑනු දරුවෝ උනාම පොඩි කාලේ සිටම ගෙදර දොරේ වැඩ කරන්න ඕන, ඉතාම හොද දෙයක්. ඒත් අද කාලේ ගොඩාක් දරුවන් කුස්සියකට ගිහින් අම්මාට උදව් කරන්න කම්මැලියි. එහෙම පුරුදු උනාම ලොකු උනාමත් ඒව කරන්න කම්මැලි. පත පොතේ වැඩ වගේම ගෙදර දොරේ වැඩත් කරන්න ඕන.
    දෙමාපියන් වෙහෙස වෙලා ආවම තේ එකක් හදල දෙන්න පුලුවන්නම් කොපමන හොඳද?

    ReplyDelete
  3. ගොඩක් හොඳයි නංගියෝ. ඔයා ගොඩක් හොඳ ළමයෙක්. ඔය වගේ හැමදාම අම්මට උදවු කරන්න. ඉගෙන ගන්න වැඩත් හොඳට කරන්න.

    ReplyDelete
  4. අන්න හොඳ නංගි බබෙක්. ඔහොම තමයි පොඩි ළමයි හැදෙන්න ඕනේ. මම අතම තමයි මේ බ්ලොග් සටහනට ආවේ. හැමදාම එන්නම් චූටි දූ.
    (ඔන්න මාමා කියලා කියන්න ඔට්ටු නෑ හරියා

    ආපු එකේ ෆලෝ කරලම යන්නම්.

    ReplyDelete
  5. ෂහ් නියමයිනේ චූටි දූ ඇත්තටම අගය කරන්න ඕන දෙයක් ....

    ඔය දුවාමද මේකේ සිංහලෙන් ටයිප් කරලා ලියන්නෙ, කොහොම උනත් මම ආයත් මේ පැත්තෙ එන්නම්කෝ .....

    ReplyDelete
  6. මේ ලිපියට අදහස් දක්වපු අයියලා , අක්කලා , නැන්ලා මාමලා හැමෝටම ගොඩාක් ස්තුතියි , අපි හරි ආසාවෙන් ඒව කියෙව්ව ..ඔව් හැමදාම සෙනසුරාදටයි ඉදිරිදටයි මමයි නංගියි ගෙදර ගොඩක් වැඩ කරනවා ..

    මගේ ලිපි ලියලා ටයිප් කරන්නේ මම මයි ..නංගි එයාගේ ලිපි ලියලා ටයිප් කරනවා , මටත් සමහර අකුරු හොයාගන්න නංගි උදව් කරනවා ..අන්තිමට තාත්තයි , අම්මයි බලල තමයි බ්ලොග් එකට දාන්නේ ...

    ReplyDelete
  7. හොද බබාල දෙන්නෙක් අපි විටින් විට ඇවිත් බලනවා තව ලියන්න

    ReplyDelete
  8. Good job kids , you reminds me my childhood days i too did the same because i had busy working parents (now both are retired and i am grown up!!) . yeah its a fun to clean the garden and rearrange home still i like it though i am very busy now . From our childhood days we much be responsible enough to look after ourselves . then only you wiill be a good adult one day . Keep up good work .cheers kids

    ReplyDelete
  9. yes sure you will be a good adult one day.. and dear nanga,look after your parents well when you become adults..because you get all the things by your parents..

    WARSHA AKKA

    ReplyDelete