2011/07/28

අපේ රටේ තේ රසයි ....

රසයි රසයි........
තේ  රසයි........
අපේ රටේ.....
තේ රස‍යි........
බිව්වෝතින්.....
එක සැරයක්....
බොන්න හිතෙයි...
තව සැරයක්.....


ලිව්වේ - මිතිලි නංගී

කිරි වැදුනු කෙත් යාය ...

අපේ රට හැම       තැනම

කිරි  වැදුණු ගොයම ඇති 
වෙල්යායවල්       කරයි
අලංකාරය             අවට 



හමන සුළඟත්     සමඟ
නටන රන්වන්  ගොයම                     
නගයි තාලෙට     හඬක්
කවි කියන ලෙස  අපට 

ලිව්වේ දිනිති 

2011/07/25

මල් කැකුළ....

සුදු පාට සීත හිමේ......
තනිවූ  පුංචි මල් කැකුළ.....
සීතල නොදැනේද ඔයාට.....
මමත් ආසයි සීත හිම වලට.........
ආස නැති දෝ ඔයා ඒ  හට..........

කවිය ලිව්වේ - දිනිති

2011/07/23

කුරුළු බබාට පියාඹන්න පුරුදු කරනවා ....

ගමේ කෑම....


ගමේ කෑම වේලක රසය

              යාළුවනේ , ඔයාලා මේ කැම ජාති  කාලා තියෙනවද බලන්න ,තිබ්බටු  මැල්ලුම , පොළොස්   ඇඹුල , කොස් ඇටමාළුවකළුපොල් මාළුවකොස් තම්බලා,  නිවිතිත් එක්ක දෙල්  එතකොට..... කොස් තම්බපුවත් එක්ක පොල් සම්බෝල කොච්චි සම්බෝලෙ , කැරන් කොකු , මැඩ කොකු තියෙන රසය .අපි බලමු මේ හැම එකකම රසය . මම ඒවායේ  රස පුළුවන් ඉස්තරම්  විදිහට කියනන් නම්, මොකද අපේ ගෙදර නම් හුඟක් වෙලාවට මේව හදනවා , අපේ අම්මයි , තාත්තයි හරිම ආසයි මේ කෑම වර්ග කන්න.

             කොළ පාටට තියෙන  තිබ්බටු මැල්ලුමයි,  බතුයි  කරවලයි ,එකට දාගෙන කනකොට තියෙන රසය!! චූටි තිත්ත රසයත් එක්ක පුදුම රසක් !ඒ  රස කියන්න බැරි තරම්  . ඒ  විතරක්ද  පොළොස්  ඇඹුලත් එක්ක  බත් ම්.. ම්... හරිම  රස..............යි     ඒ  රස කියන්න බැරි තරම්  ඊටත් වඩා  රසයි .  ඒ  වගේම තම යි කොස් ඇට , කොස්  ඇට මාළුවත් එක්ක බත් හරිම  රස..............යි . කොස් ඇට කළු  පොල් මාළුවයි ,පොළුයි , බතුයි , පුදුම රසයක්  . චුට්ටක් බඩ දන්න ගන්නවා , ඒත් රසනම්  ඉස්තරම් , 

ඒ විතරක්ද කොස්  තම්බපුවත් එක්ක  පොල් සම්බොල් ඒ රසයනම් කටින් තියා අතින්වත් කියන්න බෑ . උදේට සුදු හාලේ බතට මේ දෙක එකතු වුනාම පිඟන් දෙක තුනක් වුනත් කන්න පුළුවන් ,

තව......දෙල්  එක්ක නිවිති දාලා බතුයි  පරිප්පුයි කන කොටත් හරිම රසයි ඒකට  කොච්චි  සම්බෝලයත් එකතු වුනාම හරිම රසයි . කැරන් කොකු , මැඩ කොකු ජාති දෙකම හින්දල හැදුවම නියමයි , චුට්ටක් බණ්ඩක්ක වල වගේ ඇලෙන ගතියක් තියෙනවා , මෙන්න මේවා තමයි හරිම රස  ගමේ කෑම . මමනම් හරිම ආසයි  මේවා කන්න  . ඔයාලත් මේවා කාලාම  රසය  හොයා ගන්න

ලිව්වේ - දිනිති 

පුංචි බබෝ සතුන් එපා කූඩු කරන්න.....

පුංචි බබෝ සතුන්
 එපා කූඩු කරන්න..........
උන්ට අනේ නිදහසේම
ඉන්න අරින්න.............
අපි ආසයි නේද
අනේ නිදහසේ ඉන්න.....
ඉතින් අනේ එපා ඔයා
එහෙම කරන්න........

ලිව්වේ - මිතිලි

දණ ගාද්දි ඇවිදින්නට ...

මෙන්න මගෙන් පුංචි වාදනයක් 

මම - දිනිති අක්කා

දොං තරිකිට කියා.....

මෙන්න මගේ ගෙදර වැඩ .....

රබන් ගැහුවේ දිනිති අක්කා
නටන්නේ මිතිලි නංගී

2011/07/22

පුංචි කෝච්චිය

හූ හඬ නගමින්
දිවයන්නේ......
හකරැල්ලෙක්
වගෙ දිස්වන්නේ.......
කඳු අතරින්
රිංගා යනකොට......
බලන්න ලස්සන
දසුන් මැවේ ......


මේක ලිව්වේ - මිතිලි නංගි 

දේදුනු පැංචෝ

ගෙදර උඩින් පායා ඇති දේදුනු          පැංචෝ
අහසත් ලස්සන කරනව   දේදුනු        පැංචෝ
ඔයා වගේ දෙන්නෙක්මත් ඉන්නව    පැංචෝ
හරිම හැඩයි අනේ   ඔයා  දේදුනු       පැංචෝ 

කවිය - දිනිති අක්කාගෙන්

2011/07/19

පුංචි මල්ලියේ....

පුංචි මල්ලි ඔයා මොකද
බිම බත් කන්නේ......
අම්ම නැතිද ...තාත්ත නැතිද 
පුංචි මල්ලියේ....

ඔබ දැක්කම හිතට දුකයි
පුංචි මල්ලියේ  ......
නෙතේ  කඳුළු සඟවා ගමි
පුංචි මල්ලියේ.......

මා ලොකු වූ යම් දිනයක
හෙට අනාගතේ ....
ඔයා වගේ ළමයින් හට
උදව් කරන්නේ...........


කවිය- දිනිති අක්කගේ ...

රඹුටන් කන ගිරා හාමි....

අත්ත උඩට වෙලා
ඔයා මොකද කරන්නේ .......
රඹුටන් ගෙඩි රස බලන්න
නේද හදන්නේ ......

පුංචි  මමත් හරි කැමති
රඹුටන් කන්න........
ගිරා හාමි මටත් බැරිද
රඹුටන් දෙන්න.........




කවිය - මිතිලි නංගිගේ 

2011/07/17

නිරාෂා සහ රුමාෂා

ඔන්න යාළුවනේ එක ගමක නිරාෂා කියලා බබෙක් හිටියා.එයාගේ  ගෙදර ලස්සන මල් වත්තක් තිබුණා.
නිරාශා සත්තුනට ආදරෙයි ...
ඒකෙ රෝස, බාබන්ඩේසියා,සමන් පිච්ච,ඇන්තූරියම් වගේ මල් වර්ග ගොඩක් තිබුණා.ඒවාගේ පැණි බොන්න එන ලස්සන සමනලුන් ,මී මැස්සන්  ‍නිතරම ඒ වත්තේ සිටියා. 

චූටි නිරාෂා ආදරෙන් ගස්  වලට සාත්තු  කළ අතර වත්තට එන  සතුන්ට ආදරය කරුණාව දැක්වුවා. ඒත් එහා ගෙදර හිටපු රුමාෂා ඒ අයගේ වත්තට එන සතුන්ට හිංසා කරා. එම නිසා රුමාෂලාගේ වත්තට එක සතෙක් වත් ගියේ නැහැ. 

චන්ද්‍ර ග්‍රහණය දා ...

රතුපාට හඳ මාමා
ඔන්න යාළුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ  චන්ද්‍ර ග්‍රහනය   ගැනයි . චන්ද්‍ර ග්‍රහනය  කි‍යන්නේ   හඳයි , ඉරයි අතරට පෘථිවිය ආවාම  වෙන දෙයක් . 


හඳට  එළිය ලැබෙන්නේ ඉරෙන් .  ඉතින් ඒ ඉර නැති වුණාම හඳට එළියක්  නෑනේ .  ඒක වෙන්නේ හඳට  ඉර එළිය ලැබෙන වේලාවේ  එතනට අපේ පෘථිවිය ඇවිත් අපේ පොළොවේ හෙවනැල්ල හඳට වැටුනාම. ඒ කියන්නේ  මෙන්න  මේ වගේ දෙයක් . හද ,  පෘථිවිය  ,ඉර මේ  පිළිවෙලට  එක ඉරකට වගේ පිහිටියාම  ප්‍රථවියෙන්  ඉර වැහෙනවා . එතකොට හඳට ඉර එළිය ලැබෙන්නේ නෑ . 

2011/07/16

දේදුනු කුමාරි - පුංචි මගෙන් කතාවක්

                       ඔන්න යාළුවනේ , එක රටක එක ගෙදරක අම්මයි  තාත්තයි නැති පුංචි ළමයෙක් හිටියා . එයාගේ නම සේමාලි .. එයා හිටියේ කුඩම්මත් එක්ක .  එක සුන්දර  උදෑසනක එයා දේ‍දුනු කුමරිගේ පොතක් කියවමින් හිටියා. පුංචි සේමාලි දේදුනු කුමාරිගේ පොත කියවමින් ඉන්න අතරේ  හිත හිතා හිටියේ දේදුනු කුමාරි වෙන්නේ කොහොමද කියලා .

2011/07/15

වඳුරු බබෝ ...



වඳුරු  බබෝ  මොකද ඔයා ......අම්මගෙ තුරුලේ.......
කිරි බොනවද...
කොළ කනවද ....
මොකද කරන්නේ? 

කවිය - මිතිලි  නංගිගේ 

බෝ මළුව


බෝ පතේ                                               සිලිසිලිය
කනට දෙයි  තුටු                                           මිහිර
බෝ මළුවෙ වැලි                                         තලය
පයට දෙයි    මුදු                                          සුවය

දිලෙන මේ පහන්                  පෙල
නෙතට  ගෙන දෙයි               සුවය
මේ සියළු දේ                      අපගෙ
ගෙනෙයි  සිත වෙතට           සුවය


කවිය - දිනිති 

2011/07/14

පූසෝ..

අපි දෙන්නා යාළුයි...
සෙල්ලමටත් ආසයි ....
දවල් දවසේ පිට්ටනියේ ..
දඟලන්නට ආසයි ....



මම - මිතිලි

පංති යෑම

                   යාළුවනේ  ඔයාලා හැමදාම පංති  යනවනේද? මම නම් එහෙම නෑ . මම යන්නේ වයලීන්  පංතියට විතරයි . හැබැයි ඒ වුණාට  මම ගෙදරදි ඒ ඔක්කෝම  වැඩ ටිකනම් කර ගන්නවා . ඒ වුණාට මම පංතියේ නම ‍වෙනියා .හැම විෂයකටම ලකුණු අනූවට වැඩිය තියෙනවා ඒ විතරක් ද අපේ පංතියේ පනස් දෙකක් යාළුවො ඉන්නවා.

ඒ වුණාට එයාලා හැම තිස්සේම පංති....... .  මටනම් මේක හරි ප්‍රශ්නයක් . ඒ නිසාම මේ ගැන මම ‍මේක පංති යන  අපේ පංතියේ යළුවෙක්ගෙන්ම ඇහුවා .මම එයාගෙන් මෙන්න මෙහෙම  ඇහුවා . 

2011/07/08

ගෙදර වැඩට මම කැමතියි


මමයි  ගෙදර Chef 
 මේක ගිය සෙනසුරාදා කතාවක් ... අද මමයිගෙදර චෙෆ් . මොකද දන්නවද යාළුවනේ ?මමයි අම්මයි  තමයි  ‍අද ගෙදර කෑම ඉව්වේ.අම්මයි මමයි එකතුවෙලා හැමදාම සෙනසුරාදාටයි  ඉරිදටයි  ගෙදර කෑම  උයන්නේ .  එතකොට මට හරි සතුටු‍යි  හරිම ආඩම්බරයි  ඒ විතරක්ද හොඳ හුරුවකුත්  ලැ‍බෙනවා    අම්මියි තාත්තියි චූටියි ගේ කෑම රසයි කිව්වහම මට හරි සතුටුයි ගැන හරිම ආඩම්බරයි . ඒ වගේම සෙනසුරාදාටයි  ඉරිදටයි  ගෙදර අස් කරලා ලස්සනට තියා ගන්නෙත් අපි දෙන්නා  . එතකොට ඒවා බලනකොට හරිම සතූටූයි . අපේ ගෙදරට අමුත්තො ආවාම ඒ අය කියනවා ගේ හරිම ලස්සනයි  කියලා.  එතකොට අපේ අම්මි   කියනවා  අපේ  ලොකූ  තමයි  මේ ගෙදර ලස්සන කරන්නේ  .  අම්මි  එහෙම    කිවුවහම මට හරිම    සතුටුයි  .  ඒ වාගේම හරිම   ආඩම්බරයි   .  යාළුවනේ ඔයාලටත්   ඒ සතුටයි   ඒ   ආඩම්බරයයි  ලබා     ගන්න   පුළුවන් වෙන්නේ       හොඳට  ඇඟ   වෙහෙසවලා     කම්මැලිකම    අත  හැරලා   වැඩ කලොත්    විතරයි .       ඒ   නිසා  ඔයාලත්    කම්මැලි  කම  අතහැරලා  වැඩ    කරන්න................